March 28, 2024

ස්වර්ණාභරණ අධිකාරිය ගිලාබැසීමේ අවදානමක් - බිත්ති ඉරිතලා ගොස් සහ ජල කාන්දුවකුත් ඇතිවෙලා

September 24, 2020

කොල්ලුපිටියේ පිහිටි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේ පවතින ඉරි තැලීම් තත්ත්වයක් හේතුවෙන් එහි සේවකයන් පෙරේදා (22) බියට පත්ව ගොඩනැගිල්ලෙන් එළියට ගොස් තිබේ.

ගොඩනැගිල්ලේ බිත්ති කීපයක් ඉරිතලා ඇති බව සහ ජල කාන්දුවක් සිදුවන බව ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානයේ නිලධාරීන්ද නිරීක්ෂණය කර තිබේ.

ගොඩනැගිල්ල ගිලා බසී යැයි බියට පත් වූ සේවකයන් පෙරේදා දහවල් මෙලෙස බියට පත්ව තිබේ. ඊට යාබදව අලුතින් ඉදිකරන ලද නිවාස ව්‍යාපෘතියක බලපෑම මත අධිකාරියේ ගොඩනැගිල්ල ගිලා බැසීමේ අවදානමකට ලක්ව ඇතැයි සේවකයෝ පවසති.

මේ සම්බන්ධව මැණික් හා ස්වර්ණභාරණ අධිකාරියේ ඉහළ නිලධාරීන් කොල්ලුපිටිය පොලිසියට මීට මාසයකට පමණ පෙරදී පැමිණිලි කිරීමෙන් පසු අදාළ ව්‍යාපෘතිය සිදු කරන සමාගමෙන් රුපියල් ලක්ෂ 54 ක මුදලක් අධිකාරියේ ඉහළ නිලධාරීන්ට ලබාදී සිද්ධිය සමථයකට පත්කරගෙන ඇති බව පොලිසිය පවසයි.

Rate this item
(0 votes)

Related items