April 25, 2024

මහනුවර පස්මහල් නිවසක් කඩාවැටීමෙන් මියගිය පුංචි පවුල අවසන් ගමන් යයි (VIDEO)

September 23, 2020

මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පස්මහල් නිවසක් කඩාවැටීමේ ඛේදවාචකයෙන් දිවි අහිමි වූ අඹුසැමි යුවළගේ සහ මාස එකහමාරක් වයසැති බිලිඳියගේ අවසන් කටයුතු බොහෝ පිරිසකගේ සෝ සුසුම් මැද අද (23) සිදුකෙරුණි.

බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පස්මහල් නිවසක්, ඊට පහළින් පිහිටි කුඩා හෝටලයක් සහිත නිවසක් මතට කඩා වැටීමෙන් අඹුසැමි යුවළකට සහ ඔවුන්ගේ මාස එකහමාරක් වයසැති බිලිඳියට දිවි අහිමිවූයේ පසුගිය ඉරිදාය.

ජීවිතක්ෂයට පත් චමිල ප්‍රසාද් සහ අචලා ඒකනායකගේත්, ඔවුන්ගේ මාස එකහමාරක් වයසැති දියණිය ඔනෙලාගෙත් දේහ එම ප්‍රදේශයේම ඔවුන්ට අයත් තවත් හෝටලයක අද පස්වරුව වන තෙක් තැන්පත් කර තිබුණි.

කටුගස්තොට මහයියාව පොදු සුසාන භූමියේදී ඔවුන්ගේ අවසන් කටයුතු සිදු කෙරුණේ ඥාතීන්, හිතවතුන් ඇතුළු බොහෝ දෙනෙකුගේ සෝ සුසුම් මැදය.

ජීවිතක්ෂයට පත්වූ චමිල ප්‍රසාද්ගේ වැඩිමහල් සොයුරා අද එංගලන්තයේ සිට අවමංගල්‍යයට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි අතර නිරෝධායනයට රැගෙන යන අතරතුර ඔහු සුසාන භූමිය වෙත පැමිණියේය.

Rate this item
(0 votes)

Related items