April 24, 2024

කවුරු විරුද්ධ වුණත් රාජ්‍ය සමාගම් විගණනය අහෝසි කරනවා

September 24, 2020

රජයට අයත් සමාගම විගණනය කිරීම සඳහා විගණකාධිපතිට ලැබී ඇති බලතල අහෝසි කිරීමට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් කර ඇති යෝජනා වෙනස් නොකරන බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරයි.

ගුවන් විදුලි වැඩසටහනට එක්වෙමින් ඒ මහතා සඳහන් කරන ලද්දේ රජයට අයත් සමාගම් විගණනය කිරීම බලය ලැබීමෙන් එම සමාගම් කටයුතුවලට දැඩි බලපෑමක් සිදුවන බවයි.

එනිසා රාජ්‍ය සමාගම් විගණනයට තිබූ අවස්ථාව අහිමි කිරීම වරදක් නොවන බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.

කෙසේ නමුත් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට සඳහන් කර තිබුණේ අදාළ අදාළ වගන්තිය යළි සංශෝධනය කිරීමට කටයුතු කරන බවය.

Rate this item
(1 Vote)