April 20, 2024

ඇතැම් මුස්ලිම් මන්ත්‍රීවරුන්ට විපක්ෂ දේශපාලනය හුරු නෑ - ආණ්ඩුවට යන්නම වලි කනවා

September 23, 2020

ඇතැම් මුස්ලිම් මන්ත්‍රීවරුන් දේශපාලනය ව්‍යාපාරයක් කරගෙන තිබෙන බැවින් ඔවුන් සැමවිටම පවතින ආණ්ඩු සමග සම්බන්ධ වී කටයුතු කිරීම පුරුද්දක් කර ගෙන තිබෙන බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා චෝදනා කරයි.

මේ නිසා කුමන පක්ෂයකින් මැතිවරණයට ඉදිරිපත් වුවද ආණ්ඩුවට එකතු වීම 1989 සිටම කරන දෙයක් බව ඒ මහතා පෙන්වා දෙයි.

ඒ සඳහා එම මුස්ලිම් මන්ත්‍රීවරුන්ට මැතිවරණයට මුදල් වියදම් කරන මුස්ලිම් ව්‍යාපාරිකයන්ද අනුබල දෙන බව කිරිඇල්ල මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ නිසා සමග ජන බලවේගයේ සිටින මුස්ලිම් මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එකතු වීමට තීරණය කළහොත් එසේ නොකරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටීම හැර වෙන කිසිවක් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස තමාට කළ නොහැකි බවද ඔහු පෙන්වා දෙයි.

කිරිඇල්ල මහතා මෙම අදහස් පලකලේ ඒෂියන් මිරර් සමඟ සංවාදයකට එක්වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 September 2020 11:24

Related items