March 29, 2024

20ට එරෙහි සටනට රනිල් නායකත්වයේ ඉන්න, එක්සත් ජාතික පක්ෂයේ සහය එපා

September 23, 2020

මේ වන විට පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙන විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව දියත් කෙරෙන විරෝධතාවලට රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දෙන එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ කර නොගැනීමට සමගි ජන බලවේගය තීරණය කොට තිබෙන බැව් එහි ප්‍රකාශකයෙක් ඒෂියන් මිරර් වෙත ප්‍රකාශ කරන ලදී.

මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට අන්ත පරාජයක් අත් වූයේ රනිල් වික්‍රමසිංහ මහතා ගේ නායකත්වය නිසා බවට රට තුළ ජන මතයක් ගොඩ නැගී තිබෙන බැවින් ඔහු සමඟ එක්ව දේශපාලන කටයුතුවල නියැළීම සමගි ජන බලවේගයට අවාසිදායක බවට පක්ෂය තීන්දුවක් ගෙන තිබෙන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කරයි.

අනාගතයේ දී වෙනත් නායකයෙකු යටතේ වුව ද එක්සත් ජාතික පක්ෂය සමඟ ගනුදෙනු කිරීමේදී එය ඉතා ප්‍රවේශමෙන් කළ යුතු බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)