April 18, 2024

පොලීසිය ඉන්නේ මන්ත්‍රීවරුන්ගේ ෆයිල්, බෑග් උස්සන් යන්න නෙවෙයි - ඇමති චමල් (VIDEO)

September 23, 2020

මන්ත්‍රීවරුන්ට ආරක්ෂාවක් නැතුව මහජනතාව අතරට යන්න බැරි නම් එය ප්‍රශ්නයක් බව  නිතිය හා සාමය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

පොලිසිය සිටින්නේ මහජනතාවගේ ආරක්ෂාවට මිස මන්ත්‍රීවරුන්ගේ ෆයිල් හා බෑග් උස්සගෙන යෑමට නොවන බව ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

85,000ක් පමණ සිටින පොලිසියේ 38,000ක් පමණ සිටින්නේ ප්‍රභූ ආරක්ෂා කටයුතු සම්බන්ධයෙන් බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පොලිසියේ සිටින්නේ මන්ත්‍රීවරුන්ට පමණක් නොව සමස්ත මහජනතාවගේ ආරක්ෂාවට බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 September 2020 18:56