March 29, 2024

කොළඹට පොල් රු.60ට

September 23, 2020

මේවන විට දේශිය වෙළඳ පොලේ පොල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් පාරිභෝගිකයාට විශාල ගැටළුකාරී තත්ත්වයක් අත්විඳින්නට සිදුවී ඇත.

ඊට පිළියමක් ලෙස වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් විශේෂ සාකච්ඡාවක් ඊයේ(22) පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති සහ පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධන ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සමග සිදුකර තිබේ.   

එහිදී, අමාත්‍යවරයා විසින් ගත් ක්ෂණික ක්‍රියාමාර්ගයක් ලෙස පාරිභෝගිකයන් සඳහා සහන මිලට පොල් බෙදා හැරීමේ ව්‍යාපෘතියක් ලෙස හලාවත වැවිලි සමාගම, කුරුණෑගල වැවිලි සමාගම, පොල් වගා කිරීමේ මණ්ඩලය (කප්රුක) මගින් රුපියල් 60 ක සහන මිලට රට පුරා පොල් බෙදා හැරීමට තීරණය කෙරුණි.

මේ අනුව ඊයේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ලොරි රථ යොදාගෙන සහන මිලට පොල් බෙදා හැරීම ආරම්භ කෙරුණු අතර අද සිට  එලෙසම සහන මිලට පොල් බෙදා හැරීම සිදුකරන බව වැවිලි අමාත්‍යාංශය පවසයි.

මෙයින්  පාරිභෝගිකයින් සඳහා සහන මිලට පොල් මිලදී ගැනීමට හැකියාවක් ඇත.

නමුත් කොළඹින් පිටත දිවයින පුරා මෙම වැඩපිළිවෙල යටතේ සහන මිලට ජනතාවට පොල් ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවන අතර ජනතාව පවසන්නේ සහන මිලට පොල් ලබා දීමේ වැඩපිළිවෙල කොළඹින් පිටත ගමට ගෙන ආ යුතු බවයි. 

Rate this item
(0 votes)