March 29, 2024

ඇළ ඉවුරේ කැපු පස් කෙසෙල්ගමු ඔයට මුදා හැරේ

September 23, 2020

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් බගවන්තලාව සිට ජලය ගලා බසිනා ප්‍රධාන ඇළ මාර්ගයක ඉවුරු කපා ඉවත් කරන පස් කෙසෙල්ගමුඔයට මුදා හරින බවට බගවන්තලාව ප්‍රදේශවාසින් චෝදනා කරයි.

බගවන්තලාව බ්‍රිඩ්වෙල් වතු යායේ සිට කෙසෙල්ගමුඔයට ජලය ගලා බසිනා බ්‍රිඩ්වෙල්ඔයේ ජලය නිසි ලෙස කෙසෙල්ගමුඔයට ගලා නොබසින නිසා නොර්වුඩ් ප්‍රාදේශිය සභාව විසින් එම සභාවේ කම්කරුවන් යොදා ඇළේ ඉවුර සහ පතුල කපා ඇළ පුළුල් කිරිමේ කටයුතු මේ දිනවල සිදු කරනු ලබයි.

බගවන්තලාව නගරයේ බ්‍රිඩ්වෙල් වතුයායේ සහ බගවන්තලාව නගරයට ආසන්නයේ පිහිටි ගම්මාන රැසක වැසි ජලය ගලා බසිනු ලබන්නේද බ්‍රිඩ්වෙල් ඇළ මාර්ගයටයි.

වැසි දිනවලදි ඇළ මාර්ගය පිටාර ගැලිමක් සිදු වන නිසා නොර්වුඩ් ප්‍රාදේශිය සභාව විසින් ඇළ මාර්ගය ඉවුරු කපා පුළුල් කිරිමට කටයුතු කරනු ලබයි.

ඇළ ඉවුරේ කපා ඉවත් කරන පස් ඉවුරු දෙපස තැන්පත් නොකර කපා ඉවත් කරන පස් බ්‍රිඩ්වෙල්ඔයට මුදා හැරිමට එම සේවකයින් මුදා හරිනු ලබයි.

පවත්නා තත්ත්වය මත බ්‍රිඩ්වෙල්ඔයේ ජලය රොන්මඩ සහිතව කෙසෙල්ගමුඔය හරහා කාසල්රි ජලාශයට ගලා බසින බවත්, මේ නිසා විශාල පරිසර හානියක් සිදු වන බව බගවන්තලාව ප්‍රදේශවාසින් කියා සිටියි.

Rate this item
(0 votes)