ඔබතුමාලට වැදගත් කැමරාවද රීති ප්‍රශ්නය ද යැයි කතානායකවරයා විපක්ෂයෙන් විමසන ලදී.
ඒ තම පැත්තට කැමරාව ලබා දෙන ලෙස සජිත් ප්‍රේමදාස මහතා කල ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමිනි.
ඒ අවස්ථාවේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විපක්ෂය විරෝධය දක්වමින් සිටි අතර කැමරාව එල්ල වී තිබුනේ සභාව අමතමින් සිටි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා වෙතටය.
වඩා වැදගත් කැමරාව නොව රීති ප්‍රශ්නය බව සඳහන් කල කතානායකවරයා කරුණාකර එය ඉදිරිපත් කරන ලෙස සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දෙන ලදී.