April 26, 2024

කෝටි 80ක තහනම් භාණ්ඩ රේගුව යටතේ - විදේශ මත්පැන් ඇතුළු ආහාරපානත් ඒ අතර

September 23, 2020

ආනයනය තහනම් කර ඇති සහ සීමා කර ඇති විදේශ මත්පැන් ඇතුළු රුපියල් කෝටි 80කට අධික වටිනාකමින් යුත් භාණ්ඩ තොගයක් නීති විරෝධීව මෙරටට ගෙන්වා තිබිය දී රේගු භාරයට ගෙන තිබේ.

කහ, විදෙස් මත්පැන්, චීස්, පැස්ටා, එළවළු හා ඔලිව් තෙල් මෙලෙස සොයාගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධිකාරි සුනිල් ජයරත්න මහතා පැවසීය.

මෙම භාණ්ඩ වරින් වර මෙරටට එවා ඇති අතර එහි කහ කිලෝ 1,015,000ක ප්‍රමාණයක් තිබූ බව ඒ මහතා සඳහන් කළේ ය.

මේ අතර රේගුව තුළ සිදුකෙරෙන වංචා වැළැක්වීම සඳහා නව ස්කෑන් යන්ත්‍රයක් හඳුන්වාදීමට පියවර ගෙන ඇත.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 September 2020 09:36