March 28, 2024

කොළඹ ප්‍රධාන මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක්

September 22, 2020

අද (22) උදෑසන කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් හට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ මාර්ග කිහිපයක් ජලයෙන් යට වී ඇතැයි ද වාර්තා වේ.

හයිලෙවල් මාර්ගයේ මහරගම සිට කොළඹ දක්වා රථවාහන තදබදයක් තිබෙන බව අප වාර්තාකරු පැවසීය.

මේ අතර කොළඹට ඇතුළුවන ප්‍රධාන මාර්ගවල දැඩි රථවාහන තදබදයක් තිබෙන බව වාර්තාවේ.

මහරගම සිට කොළඹට පැමිණීමට පැය දෙකකට ආසන්න කාලයක් ගත වූ බව අප වාර්තාකරු පැවසීය.

Rate this item
(0 votes)