March 19, 2024

පළාත් සභා මැතිවරණය නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමෙන් පසුව

September 21, 2020

9 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුවක් මඟින් සම්පාදනය කිරීමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා තුරු පළාත් සභා මැතිවරණය කල් තැබීමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙන බව දැනගන්නට තිබේ.

1978 ජේ.ආර්.ජයවර්ධන මහතා හඳුන්වා දෙන ලද දැනට 19 වතාවක් සංශෝධනය වී ඇති පවතින ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම එම කමිටුවේ වගකීම වේ.

නව ව්‍යවස්ථාවෙන් මැතිවරණ ක්‍රමය ද වෙනස් කිරීමට යෝජිත අතර එසේ වෙනස් කර හඳුන්වා දුන් නව මැතිවරණ ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය බලාපොරොත්තු වේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 21 September 2020 12:55

Related items