March 29, 2024

බේරා ගත් බිළිඳා මිය යයි

September 20, 2020

මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් ගිලා බැසීම හේතුවෙන් අසල නිවසක සිරව සිටි අය අතුරින් බේරාගෙන රෝහල් ගත කළ මාස එකහමාරක් වයසැති බිළිඳා ජීවිතක්ෂයට ‍පත්ව තිබේ.

අද (20) අළුයම, එම සිද්ධියෙන් සුන්බුන් අතර සිරවී සිටි බිළිඳා මුදාගෙන මහනුවර මහරෝහල වෙත ඇතුළත් කර තිබුණි.

මේ අතර සුන්බුන් අතර සිරවී සිටිතැයි සැළකෙන එම බිළිඳාගේ දෙමව්පියන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් පවතින බව වාර්තා වේ.

Rate this item
(0 votes)