March 19, 2024

මංතීරු නිතියත් පන්ති භේදයට අනුව

September 20, 2020

මෙරට ක්‍රියාත්මක කර ඇති මංතීරු නීතිය ලෝකයේ කිසිම රටක නැති අන්තිම අසාර්ථක එකක් යයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා සඳහන් කරන්නේ වෙනත් රටවල මංතීරු නීති හඳුන්වා දෙන්නේ පොදු ප්‍රවාහන සේවයට ජනතාවගේ වැඩි නැඹුරුවක් ඇති කිරීමට බවයි.

නමුත් ලංකාවේ සිදුකර ඇත්තේ එමගින් පොදු ප්‍රවාහනය අධෛර්යයට පත් කිරීමට බව ඔහු පෙන්වා දෙයි.

බස්රථ ත්‍රී රෝද රථ හා යතුරු පැදි මාර්ගයේ එක් මංතීරුවක ගාල්කර පන්ති භේදය ඇති කර ඇති බව ද ඔහු චෝදනා කරයි.

මෙම නීතිය ක්‍රියාත්මක වන්නේ මාර්ග තදබදය ගැන පරිසර දූෂණය ගැන සිතා නොවන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 19 September 2020 22:05