April 19, 2024

ප්‍රභාගේ ඝාතන ලැයිස්තුවේ මුලින්ම සිටි මට මේ ගහන්නේ මඩ

September 20, 2020

කොටි සංවිධානය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පරාජය කිරීම සඳහා හිටපු විදේශ අමාත්‍ය වරයෙකු ලෙස තමන් රට වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළ බව හිටපු ඇමති මංගල සමරවීර මහතා සඳහන් කරයි.

එසේ කටයුතු කළ තමන් වැන්නෙකුට ත්‍රස්තවාදීන්ට තොරතුරු දුන්නේ යයි ආණ්ඩුවේ මාධ්‍ය විසින් සිදුකරන ද්වේශ සහගත ප්‍රකාශ හෙළා දකින බව ද ඔහු කියා සිටියේය.

කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන් විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද ඔවුන්ගේ ඝාතන ලැයිස්තුවේ තමන් ද ඉදිරියෙන්ම සිටි බව පවසන මන්ත්‍රීවරයා ඊළමට එරෙහිව ප්‍රධාන සතුරෙකු ලෙස කොටි සංවිධානය විසින් තමන්ව හඳුනාගෙන සිටි බව ද සඳහන් කරයි.

කොටි සංවිධානය කොළඹ බෝම්බ පුපුරා හැරි අවස්ථාවේදී විදේශ ඇමතිවරයා ලෙස තමා ඒ මොහොතේ කළ කාර්යභාරය අද කාඩ්බෝඩ් වීරයන්ට අමතක වී ඇතැයිද ඔහු පැවසීය.

කොටි සංවිධානය ජාත්‍යන්තර වශයෙන් පරාජය කිරීම සඳහා ඔවුනට එන විදේශ ආධාර නැවැත්වීමට වැඩිම වැඩකොටසක් ඉටු කෙළේ තමන් විදේශ ඇමති ලෙස සිටින කාලයේ දී බව ද ඔහු පෙන්වා දෙයි.

ඒ අවස්ථාවේ දී ප්‍රභාකරන් විසින් කළු කොටි දිනය අමතමින් තමන්ව අංක එකේ සතුරෙකු ලෙස ප්‍රකාශයට පත් කළ බවද මංගල සමගර මහතා තවදුරටත් පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 19 September 2020 22:01