March 29, 2024

අකිල ගත්තොත් අපි ස්වාධින වෙනවා Featured

September 20, 2020

එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාව කොයි ආකාරයකින් හෝ සමගී ජන බලවේගයට සම්බන්ධ කර ගත හොත් තමන් ස්වාධීන වන බව කුරුණෑගල දිස්ත්‍රික් සමඟි ජන බලවේග මන්ත්‍රීවරුන් 4 දෙනා පක්ෂයේ ඉහල නිලයන්ට දැනුම් දී තිබේ.

අකිල විරාජ් කාරියවසම් මහතා ද කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන අතර ඔහු පැවැති යහපාලන ආණ්ඩු සමයේ දිස්ත්‍රික්කය තුල ප්‍රතිරූපය ගොඩ නැගීම වස් කටයුතු කල බවත් එහිදී එජාපය නියෝජනය කරන අන් මන්ත්‍රීවරුන් ව කිසිදු තැකීමකට ලක් නොකළ බවට ස්වාධින වීමට තීරණය කොට තිබෙන මන්ත්‍රීවරු චෝදනා කරයි.

නලින් බණ්ඩාර, ජේ.සි.අලවතුවල, අසෝක අබේසිංහ සහ තුෂාර ඉඳුනිල් යන මහත්වරුන් කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරුන් වේ.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 19 September 2020 20:57