March 29, 2024

20 කියලා එකක් නැහැ - අපට ඕනේ 18 බලගන්වන්න : තවත් ඇමැතිවරයෙක් තවත් කතාවක් කියයි

September 20, 2020

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත පිළිබඳව ආණ්ඩුවේ ඉහළ සිට පහළට එනම් කැබිනට් අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විවිධ අදහස් පළ කිරීම මත මෙම ව්‍යවස්ථා සංශෝධනය ගැන ජනතාව තුල ව්‍යාකුල තත්වයක් ඇති වී තිබේ.

මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිවක් කතා නොකර සිටි ප්‍රවාහන කැබිනට් අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරන්නේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියා දෙයක් නොමැති බවත් තමන්ට අවශ්‍ය 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බල ගැන්වීමට බවත්ය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බල ගැන්විය යුතුයි යන මතය ආණ්ඩුවේ බොහෝ ඇමතිවරු හා මන්ත්‍රීවරු ප්‍රකාශ කලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට 18 වන ව්‍යවස්ථාවේ ඇති ඇතැම් කරුණු ද ඇතුලත් කොට ඇති බැවින් තාක්ෂණික වශයෙන්න් 20 වන ව්‍යස්ථාවක් නිර්මාණය වීමට නියමිතය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 19 September 2020 20:56