March 29, 2024

MCC ප්‍රධාන විදුලි ක්ෂේත්‍රයට හැරවෙන ලකුණු

September 20, 2020

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති වන ඇලෙයිනා බී ටෙප්ලිස් මහත්මිය මෙරට විදුලි පද්ධතිය පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වන බව අනාවරණය වී තිබේ.

මෙරට විදුලි නිෂ්පාදන පද්ධතිය පිලිබඳ සාකච්ජා කිරීමට ඇය විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාව මුණ ගැසී තිබේ.

ඇය මහ මැතිවරණයට පෙර එවකට විදුලිබල අමාත්‍ය ධූරය දැරූ මහින්ද අමරවීර මහතා හමුවීමට ද ගොස් තිබිණි.

මෙරට ඉඩම් ප්‍රවාහන ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම පදනම් කොට ගෙන අත්සන් කිරීමට බලාපොරොත්තු වූ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට මහජනතාවගේ දැඩි විරෝධය එල්ල වීම මත MCC ප්‍රධාන විදුලි ක්ෂේත්‍රයට හැරවීමට ඇය සූක්ෂමව කටයුතු කරමින් සිටින බවද සැක පහළ වී තිබේ.

දකුණු ආසියානු කලාපිය රටක් වන නේපාලයේ විදුලි නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා MCC ප්‍රධාන ලබා දී තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

MCC ප්‍රධාන හරහා මෙරටට ඇමරිකානු ඩොලර් 485ක් ලබා දීමට ඇමරිකාව බලාපොරොත්තු වේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 19 September 2020 20:51