April 25, 2024

මට නම් 19 අරහං

September 19, 2020

19 වැනි සංශෝධනය ඉවත් නොකර තබා ගන්නේ නම් රටට වැඩක් කිරීමට ආණ්ඩුවට නොහැකි වන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. 

ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

"රටට වැඩක් කරන්න නම් මේ 19 තියාගෙන කරන්න බෑ. එළ හරකයි මී හරකයි වගේ එදා ජනාධිපති මෛත්‍රීයි රනිලුයි වැඩ කළේ. ඒ නිසා වැඩ කරන්න ඕනෙ පසුබිමක් නිර්මාණය කරන්න කෙටි කාලීන වැඩකට තමයි 19 අහෝසි කරලා ... එතකොට 19 අහෝසි කරාම ආපහු 18ට යන්න බෑ. 20 සංශෝධනය එන්න ඕනෙ. සංශෝධනය ඒකටයි ගේනවා කිව්වේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාට යුද්ධෙ දිනන්න පුළුවන් වුණේ විධායක බලතල එක්ක තනතුරේ ඉඳපු හින්දා. හොඳ මනුස්සයෙක් ආවොත් හොඳක් කරන්න පුළුවන්" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය. 

Rate this item
(0 votes)