April 20, 2024

රවී මං එක්ක තරහද කියලා මම දන්නේ නෑ - රුවන් විජේවර්ධන

September 19, 2020

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයට තමා සමඟ තරග කොට පරාජය වූ රවි කරුණානායක මහතා තමා සමග අමනාප දැයි නොදන්නා බව නව නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ධූරය සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ පැවැති ඡන්දයෙන් පසු සිරිකොතෙන් නික්ම යාමට ප්‍රථම කරුණානායක මහතා තමාට අතට අත දී සුභ පැතූ බව ද විජේවර්ධන මහතා අවධාරණය කරයි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ධූරය සඳහා පැවති මැතිවරණයෙන් පසු කරුණානායක මහතා දැඩි නිහඬතාවයක නිරත වන අතර පක්ෂ මූලස්ථානය වන සිරිකොතට ද පැමිණ නොමැති බව දැනගන්නට තිබේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 18 September 2020 15:02

Related items