April 20, 2024

හිටපු ජනපතිගේ නිල නිවස වඩාත් සුදුසු අග්‍රාමාත්‍යවරයෙකුගේ නිල නිවසකට Featured

September 19, 2020

කොළඹ පැජට් පාරේ පිහිටි හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල නිවස අග්‍රාමාත්‍යවරයාට ලබාදිය යුතු බවට පොදුජන පෙරමුණ මන්ත්‍රී කණ්ඩායමේ පිරිසක් ඉල්ලීමක් කිරීමට සූදානමින් සිටින බව දැනගන්නට තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයාව සිටියදී නිවාස තුනක් එකට එක් කර සාදා ගත් මෙම සුඛෝපභෝගී නිල නිවස ඔහු ජනපති ධුරයෙන් විශ්‍රාම යෑමෙන් පසු සිය විශ්‍රාමික නිල නිවස ලෙස පාවිච්චි කරමින් සිටී.

ඒ සම්බන්ධයෙන් මෙරට බහුතර ජනතාවගේ මෙන්ම දේශපාලඥයන්ගේ අප්‍රසාදය හා විරෝධය හිටපු ජනපතිවරයා වෙත එල්ල වූ බව ප්‍රකට කරුණකි.

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ විශ්‍රාමික ජනාධිපති නිල නිවස වඩාත් සුදුසු වන්නේ ජනාධිපතිවරයකුට හෝ අග්‍රාමාත්‍යවරයෙකු ට බව එම මන්ත්‍රී පිරිස ගේ අදහස වේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට සිය නිල නිවස ලෙස භාවිතා කරනු ලබන්නේ හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වීමට පෙර ඇමැතිවරයකු ලෙස කටයුතු කරද්දී සිය නිල නිවස ලෙස භාවිතා කළ කොළඹ විජයරාම මාවතේ පිහිටි නිල නිවසය.

Rate this item
(0 votes)
Last modified on Friday, 18 September 2020 14:22