April 20, 2024

රැකියා කළ හැකි අවම වයස වෙනස් කරයි - කැබිනට් අනුමැතියත් හිමිවෙයි

September 17, 2020
සේවකයින් සේවයේ යෙදවිය හැකි අවම වයස අවුරුදු 16 දක්වා ඉහළ දැමීමට අදාළ කම්කරු නීතිය සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
 
ඒ අනුව අනිවාර්ය පාසල් අධ්‍යාපන වයස අවුරුදු 16 වශයෙන් වන නීතීමය විධිවිධානයන්ට අනුකූල වන පරිදි සේවකයින් සේවයේ යෙදවීමේ අවම වයස අවුරුදු 16 දක්වා ඉහළ නැංවීමට හැකිවන අයුරින් අදාළ කම්කරු නීතිය සංශෝධනය කිරීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
 
එසේම මෙයට අදාළව 1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ පනත, 1956 අංක 47 දරණ ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයේ යෙදවීමේ පනත, අවම වේතන ආඥාපනත සංශෝධනය කිරීම පිණිස වූ පනත, 1942 අංක 45 දරණ කර්මාන්තශාලා ආඥාපනත සහ 1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල පනතේ ප්‍රකාශයට පත් කරන ලද නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කම්කරු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව ද මෙහිදී අනුමත වී ඇත.
Rate this item
(0 votes)

Related items