April 19, 2024

"මේවා පිස්සු කතා - මම බඩු අස් කළේ ජන්දය ඉවර වුණ ගමන්" - නවීන් Featured

September 16, 2020

තමා සිරිකොත පිහිටි ජාතික සංවිධායක කාර්යාලයෙන් බඩු බාහිර ආදිය රැගෙන ගියේ අද ඊයේ නොව මැතිවරණය අවසන් වූ අවස්ථාවේ බව නවින් දිසානායක මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කරන ලදී.

ඒ බව ඔහු සඳහන් කරන ලද්දේ රුවන් විජේවර්ධන මහතා එජාපයේ නියෝජ්‍ය නායක ධුරයට පත් වූ විගසම නවින් දිසානායක මහතා සිය කාර්යාලයේ බඩු බාහිර ආදිය රැගෙන ගිය බවට පල වන ප්‍රවෘත්තිය සම්බන්ධයන් ඒෂියන් මිරර් කළ විමසුමකදීය.

තමා දිගටම එජාපය සමඟ වැඩ කටයුතු කරන බව සඳහන් කරන දිසානායක මහතා මෙවැනි පිස්සු කතා කියන්නේ මන්දැයි ප්‍රශ්න කරයි.

Rate this item
(0 votes)