ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ නව නගරාධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අයි.එම්.වී. ප්‍රේමලාල් මහතා නිතරගයෙන් පත් වී තිබේ.
අද දින (15) විශේෂ මහා සභාවක් කැඳවා නව නගරාධිපතිවරයා තෝරා ගැනීම සිදුකළා.
ඒ හිටපු නගරාධිපති මධුර විතානගේ මහතා පසුගියදා පැවති මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වීම හේතුවෙන්.