April 20, 2024

බස් යන මංතීරුවේම ත්‍රිරෝද හා යතුරු පැදි යවන්නේ මිනී මරන්නද? - බස් සංගම් පොලිසියෙන් අසයි

September 16, 2020

අද (16) සිට බස්රථ ගමන් කරන මංතීරුවේම ත්‍රිරෝද රථ හා යතුරු පැදි ගමන් කළ යුතු බවට පොලීසිය පනවා ඇති නියෝගය පෞද්ගලික බස්රථ සංගම් වල විරෝධයට හේතු වී තිබේ.

බස් රථ ගමන් කරන මංතීරුවේම ත්‍රිරෝද හා යතුරු පැදි ගමන් කිරීමෙන් අනතුරු බහුල වන බව බස් සංගම් නියෝජිතයෙකු වන ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් පොලිසිය යම් සංශෝධනයක් නොකළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වීමට සිදු වන බවට ඔහු අනතුරු අඟවයි.

මිට පෙර ද පොලිසිය මේ ආකාරයට පැනවූ ඇතැම් අසාධාරණ නීති රීති වලට එරෙහිව මානව හිමිකම් කොමිසමේ පිහිට පැතීමට බස් රථ සංගම් වලට සිදු වූ බවද විජේරත්න මහතා පෙන්වා දෙයි.

ඉකුත් 14 වනදා සිට යලි ක්‍රියාත්මක වන මංතීරු නිතිය යටතේ මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 September 2020 21:21