March 29, 2024

එක්සත් ජාතික පක්ෂ නායකත්වයට මම ඉල්ලනවා

September 16, 2020

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වූ අවස්ථාවක පුරප්පාඩු වන පක්ෂ නායකත්වය සඳහා තමා ද ඉදිරිපත් වන බව හිටපු අමාත්‍යවරයෙකු වූ වජිර අබේවර්ධන මහතා මේ වන විටත් පක්ෂයට දැනුම් දී තිබේ.

එක්සත්  ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුව නියෝජ්‍ය නායකයාට පක්ශ නායකත්වය ස්වභාවයෙන්ම හිමි නොවන අතර ඒ සඳහා කෘත්‍යාධිකාරිය මණ්ඩලය තුළ ඡන්දයකට ඉදිරිපත් විය යුතුව තිබේ.

පක්ෂ ව්‍යවස්ථාවේ පවතින එම විධිවිධාන අනුව තමා ද පක්ෂ නායක ඡන්දයට ඉදිරිපත් කරන බව අබේවර්ධන මහතා අවධාරණය කර සිටී.

තමා නියෝජ්‍ය නායක ධූරය සඳහා ඉදිරිපත් නොවූයේ එම ධූරය බෙදීමකින් තොරව පත්වනු දැකීමට තමන් තුළ තිබූ කැමැත්ත නිසා බව ද පෙන්වා දෙන අබේවර්ධන මහතා අවාසනාවකට එම ධුරය සඳහා දෙදෙනෙකු ඉදිරිපත් වී බෙදීමක් ඇති වූ බව ද පෙන්වා දෙයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 September 2020 16:14