March 29, 2024

නව නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයෙක්

September 15, 2020

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් රියර් අද්මිරාල් කපිල සමරවීර නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත්කර ඇත.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා වෙතින් ඊයේ (14) අදාළ පත්වීමේ ලිපිය රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කර ඇත.

රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා දෙහිවල මහා විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකි.

ඔහු 1985 වර්ෂයේ 13 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා විධායක අංශයට එක්වී ඇත.

නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව සාර්ථක ලෙස අවසන් කර 1987 වසරේ අප්‍රේල් 07 වන දින උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් වන ඔහු, සිය තාක්‍ෂණික උප ලුතිනන් පාඨමාළාව 1987 දී පාකිස්තානයේදී හදාරා ඇත.

එතැන් සිට ක්‍රමාණුකූලව උසස් වීම් ලබමින් 2016 අගෝස්තු මස 23 වන දින ඔහු රියර් අද්මිරාල් නිලයට උසස් විය.

Rate this item
(0 votes)