April 20, 2024

අද එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමත් වෙනදා මෙන් අවසන් වෙන ලකුණු Featured

September 04, 2020

අද (04) පැවැත්වෙන තීරණාත්මක යැයි සැලකෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යධිකාරී මණ්ඩල රැස්වීම වෙනදා මෙන් රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පක්ෂ නායකයා ලෙස තහවුරු කරමින් අවසන් වනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

රුවන් විජේවර්ධන මහතා පක්ෂ නායකත්වයට පත් කිරීමට අවශ්‍යතාවයක් රනිල් වික්‍රමසිංහ මහතාට තිබුණුද උප නායක රවී කරුණානායක, වජිර අබේවර්ධන වැනි ජ්‍යෙෂ්ඨයින් ඊට තමන්ගේ විරෝධතාවය ප්‍රකාශ කිරීමට සුදානමින් සිටින බවට වාර්තා වේ.

මීට ටික දිනකට පෙර රවී කරුණානායක මහතාගේ ඉතා කිට්ටු හිතවතෙකු වන නුගේගොඩ නලන්දාරාමාධිපති පූජ්‍ය තිනීයාවල පාලිත හිමි හා තවත් භික්ෂූන්වහන්සේලා කිහිප නමක් හරහා රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙන ලෙස කළ බල කිරීමද අසාර්ථක වී තිබේ.

දැනගන්නට තිබෙන ආකාරයට රුවන් විජේවර්ධන මහතා හෝ වෙනත් අයෙකු පක්ෂ නායකත්වයට පත් කළද ඊට කිසිවෙකුටත් එක්සත් ජාතික පක්ෂය යළි ගොඩනැගිය නොහැකි බව වික්‍රමසිංහ මහතා අවබෝධ කරගෙන තිබේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 03 September 2020 22:25

Related items