March 29, 2024

රාජපක්ෂවරුන්ගේ පවුල්වාදය ගැන කතා කළ රනිල් එජාපයටත් පවුල්වාදය ගෙනල්ලා Featured

එජාප නායකත්වයට රුවන් විජේවර්ධන මහතා පත් කළහොත් ඒ සමඟම එක්සත් ජාතික පක්ෂයේ තවත් පිරිසක් පක්ෂයෙන් ඉවත් වීමට සූදානමින් සිටියි.

එජාපයේ නව නායකයා ලෙස රුවන් විජේවර්ධන මහතා පත් කිරීම වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අවශ්‍යතාවය බව මේ වන විට සනාථ වී තිබේ.

රාජපක්ෂවරුන්ගේ පවුල්වායද ගැන කතා කළ එජාප නායකයා දැන් සිය මවගේ සොහොයුරාගේ පුත්‍රයා පක්ෂ නායකත්වයට ගෙන ඒමට කටයුතු කිරීම තුළින් එජාපය ද පවුල්වාදය කරා ගමන් කරන බව දැනට එම පක්ෂයේ ඉතිරිව සිටින බොහෝ පිරිසකගේ මතය වී තිබේ.

මුල් වරට 2010 දී පාර්ලිමේන්තුව නියෝජනය කළ විජේවර්ධන මහතාට පක්ෂ නායකත්වය දැරීමට තරම් සුදුසුකමක් හෝ අවභෝධයක් නොමැති බව එම පිරිසගේ අදහස වේ.

හිටපු අමාත්‍යවරයෙකු වූ වජිර අබේවර්ධන මහතා ඊයේ (30) අස්ගිරි මල්වතු මහ නාහිමියන් බැහැ දැක තමා පක්ෂයේ අවුරුදු 38ක්ම රැඳී සිටි වික්‍රමසිංහ හා ජෝන් අමරතුංග මහත්වරුන්ට පසුව සිටින ජෙෂ්ඨයා බව මතක් කර දුන්නේ තමා මීළඟ එජාප නායකයා ලෙස පත් විය යුතු බවට කෙරෙන ඉඟියක් ලෙසය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 30 August 2020 21:10