March 29, 2024

රජීව් ඝාන්ධි ඝාතනයට නියෝගය දුන්නේ ප්‍රභාකරන් - සෝල්හයිම් හෙළි කරයි

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ඝාන්ධි ඝාතනය කිරීම සඳහා නියෝගකර ඇත්තේ එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් බව එවක ශ්‍රී ලංකාවේ සාම නියෝජිතයෙකු ලෙස කටයුතු කළ එරික් සෝල්හයිම් මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

LTTE  සංවිධානයේ න්‍යායචාර්යවරයා ලෙස කටයුතු කළ ඇන්ටන් බාලසිංහම් එය තමන් සමග පැවසූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

එමෙන්ම බාලසිංහම් තමන් සමග කිසිදා අසත්‍යයක් පවසා නොමැති බැවින් තමන් මේ ප්‍රකාශය විශ්වාස කරන බවත් ඔහු සිය ට්විටර් පණිවිඩයේ සඳහන් කර තිබේ.

හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි 1991 වසරේ මැයි මාසයේ දී මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ඝාතනයට ලක්විය.

යුද්ධයේ දී ප්‍රමාණවත් කැපවීමක් දැක්වීමට ප්‍රභාකරන් අසමත්වූ බවත්, අවසන් යුද්ධයේ දී දමිළ ප්‍රජාව යුද භූමියෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය ලබාදුන් අවස්ථාව පිළිගැනීමට නිහතමානී නොවූ බවත් ට්විටර් පණිවිඩයක් මඟින් සෝල්හයිම් සඳහන් කර තිබේ.

Rate this item
(1 Vote)