April 23, 2024

විග්නේෂ්වරන් විහිළුකාරයෙක් - ලැබුණු මුල්ම අවස්ථාවේම සරත් වීරසේකරගෙන් ප්‍රහාරයක්

ශ්‍රී ලංකා භූමියේ පහළ වූ ප්‍රථම භාෂාව වන දෙමළ භාෂාවෙන් පාර්ලිමේන්තුව ඇමතීමට ලැබීම භාග්‍යයක් බවත් උතුරු නැගෙනහිරට ස්වයං පාලනය අවශ්‍ය බව සඳහන් කරමින් හිටපු උතුරු මහ ඇමැති සි.වි.විග්නේශ්වරන් මහතා පාර්ලිමේන්තුවේ මංගල සැසියේ දී නව කතානායකවරයාට සුබ පැතීමේ කතාව අතරතුර කළ ජාතිවාදී ප්‍රකාශයට ලැබුණු මුල්ම අවස්ථාවේ දී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඊට ප්‍රහාරයක් එල්ල කරන ලදී.

ඒ අද (27) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමිණි.

විග්නේශ්වරන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට ප්‍රථම වෙල්ලමුල්ලි ප්‍රභාකරන්ගේ පිළිරුවක් අසළ දිවුරුම් දීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් පෙන්වා දෙන විරසේකර මහතා කොළඹ ඉගෙන ගෙන, කොළඹ නීති උපාධිය හමාර කොට කොළඹ අධිකරණයක කටයුතු කළ විග්නේෂ්වරන් මහතා කරන මෙම ප්‍රකාශ අද විහිළුවක් බවට පත් වී ඇති බව ද පෙන්වා දෙයි.

මංගල සැසියේ දීම වීරසේකර මහතා එම ජාතිවාදී ප්‍රකාශයට පිළිතුරු දීමට නැගී සිටියද ආණ්ඩු පක්ෂයේම ජේෂ්ඨයන් විසින් ඔහුව වැළැක්වූ බවද වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 27 August 2020 12:22