April 25, 2024

දයාසිරිගෙන් විවේචනයට ක්‍රියාවෙන්ම පිළිතුරු

බතික්, අත්යන්ත්‍ර රෙදිපිළි හා දේශීය ඇඟළුම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා රත්මලාන පේෂ කර්මාන්ත අත්යන්ත්‍ර පුහුණු පාසලේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

එහිදී ඇමතිවරයා එම පුහුණු පාසලේ අඩුපාඩු පිළිබඳව නිරීක්ෂණය කළ අතර ඉන් නොනැවතී අත්යන්ත්‍රවලින් රෙදි නිෂ්පාදනය කරන ආකාරය සම්බන්ධයෙන් ද සොයා බැලුවේය.

දයාසිරි ජයසේකර අමාත්‍යවරයා පසුගියදා, නව පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය සඳහා සහභාගි වූයේද සිය අමාත්‍ය ධුරයට ගැලපෙන ආකාරයෙන් බතික් ඇඳුමකින් සැරසෙමිනි.

Rate this item
(0 votes)

Related items