April 20, 2024

පාස්කු කොමිසම: හිටපු ජනපති මෛත්‍රී හා බුද්ධි ප්‍රධානියා අතර සිදුකල දුරකතන සංවාද ගැන හෙළිවෙයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අතර සිදුකල දුරකතන සංවාදය පිළිබඳ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන ජනාධිපති කොමිෂන් සභාවේ දැඩි අවදානය යොමුව තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් එල්ල වන චෝදනා වලදී තමා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂා කරන බවට ඇතැමුන් චෝදනා කළද තමා විසින් කිසිවෙකු ආරක්ෂා නොකරන බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ජනාධිපති කොමිසමේ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ දැනුවත් නොකිරීම පිළිබඳ ජනාධීපති කොමිසම නිලන්ත ජයවර්ධන මහතාගෙන් ප්‍රශ්න කර තිබේ.

2019 අප්‍රේල් 05 වැනිදා සිට අප්‍රේල් 20 වැනිදා දක්වා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ජනාධිපති නිල නිවසට දුරකතන ඇමතුම් ලබාගෙන ඇති අතර 2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වීමට පෙර තවත් දුරකතන ඇමතුමක්ද වශයෙන් ලබා ගත් සියලු ඇමතුම් පිළිබඳ ජනපති කොමිසමේදී අනාවරණය වී තිබේ.

කෙසේවෙතත් එම ඇමතුම් ලබා ගත්තද හිටපු ජනාධිපතිවරයා සම්බන්ධ කර ගැනීමට හැකිවූවාද යන්න රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාගෙන් කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශන් කර තිබේ.

"එහි ඇති දුරකතන ඇමතුම් සම්බන්ධ කිරීමේ ඒකකය ඇතැම් අවස්ථාවලදී පමණක් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සම්බන්ධ කර දුන්නා" යනුවෙන් නිලන්ත ජයවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ.

"ඇතැම් අය මට ඇමතුම් ගෙන සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ විට ජනාධිපතිවරයාගේ නිල නිවස හරහා මාව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරනවා" යැයි නිලන්ත ජයවර්ධන මහතා පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 25 August 2020 16:02