March 28, 2024

හසලක ගාමිණි රණවිරුවාගේ 29 වන ගුණාණුස්මරණය අලිමංකඩදී උත්සවාකාරයෙන් සැමරෙයි

1991 ජුලි 13 වෙනිදා අලිමංකඩ ඉදිරි ආරක්‍ෂක වළල්ල කඩා යුධ හමුදා කඳවුර දෙසට පැමිණි ත්‍රස්ථවාදින්ගේ බුල්ඩෝසරයට හසලක කෝප්‍රල් ගාමිණි වයි ජි පි ඩබ්ලිවි රණවිරුවා විසින් බෝම්බ සහිතව පැන බුල්ඩෝසරය විනාශ කරමින් අලිමංකඩ කඳවුරේ රාජකාරි නියුතු අනෙකුත් සහෝදර සෙබළුන්ගේ ජිවිත දහස් ගණනක්  බේරා දිවි දුන් රණවිරුගේ 29 වන ගුණානුස්මරණය ඊයේ (24) සවස අලිමංකඩ යුද හමුදා කඳවුරෙදී උත්සවාකාරයෙන් පැවත්වුණි.

හසලක කෝප්‍රල් ගාමිණි කුලරත්න අභිත රණවිරුවාගේ 29 වැනි ගුණනුස්මරන උත්සවය  කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එන්.එස්. කොටුවේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන්  66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී.ජේ. කොඩිතුවක්කු මහතාගේ  අධික්ෂණය  මත 662 බළසේනාධිපති බ්‍රිගේඩියර් පතිරවිතාන යන අයගේ මෙහෙයවීමෙන් මෙම ගුණානුස්මරණය සංවිධානය කොට තිබුණි.

කොරෝණා වියරස් අවධානම හේතුවෙන් සෑම ජූලි මසකම 13 වනදා පැවත්වූ හසලක ගාමිණි රණවිරුවාගේ ගුණ සැමරුම මෙවර ජුලි මාසයේ පැවත්වීමට නොහැකි වුවද අගොස්තු මාසයේ සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් පැවත්වීමට කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන තිබුණි.

අලිමංකඩ ස්ථාපිත හසලක කෝප්‍රල් ගාමිණි කුලරත්න ස්මාරකය අභියසදි පැමිණි සියළු දෙනා හසලක ගාමිණි කුලරත්න පිළිරුව අභයසදි අභීත රණවිරුවාගේ ආත්මයට සෙත්පතා පුෂ්පෝපහාර දක්වා ගුණානුස්මරණ උත්සවය පවත්වන ලදි.

Rate this item
(0 votes)