March 29, 2024

ඩග්ලස්ගේ විරෝධය නිසා අංගජනට කැබිනට් ඇමති ධූරය අහිමි වෙයි Featured

පැවති මහා මැතිවරණයේ දී යාපනයේ දිස්ත්‍රික්කයෙන් විශිෂ්ට ප්‍රතිඵලයක් ශ්‍රී.ල.නි.පයට ලබා දුන් අංගජන රාමනාදන් මහතාට කැබිනට් ඇමති ධූරයක් ලබා දීම සම්බන්ධයෙන් එම දිස්ත්‍රික්කයම නියෝජනය කරන ඊ.පී.ඩී.පී නායක ඩග්ලස් දේවානන්දා මහතා විරෝධය දක්වා ඇති බව වාර්තා වෙයි.

රාමනාදන් මහතා කැබිනට් ඇමති ධූරයක් ලබාදුනහොත් එය යාපනය දිස්ත්‍රික්කය තුළ හා උතුරු පළාතේ ඒ පක්ෂයේ පැවැත්මට අභියෝගයක් වීම යන පදනම තුළ සිට දේවානන්ද මහතා එම විරෝධය දක්වා තිබේ.

රාමනාදන් මහතාට මේ වන විට යාපන දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ධූරය මෙන්ම පාර්ලිමේන්තු කාරක සභා සභාපති ධූරයද ලබා දී තිබේ.

දේවානන්ද මහතාට කැබිනට් අමාත්‍ය ධූරයට අමතරව කිලිනොච්චි දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ධූරයද පොදුජන පෙරමුණ විසින් ලබා දී තිබේ.

රාමනාදන් මහතාට කැබිනට් අමාත්‍ය ධූරයක් ලබාදෙන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අමාත්‍යවරයාද රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

1989 සිට යාපනයේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින දේවානන්දා මහතා ප්‍රථමයෙන් රණසිංහ ප්‍රේමදාස මහතාට තම සහය දැක් වූ අතර ඔහුගේ අභාවයෙන් පසුව ප්‍රගතිශීලි වාමාංශික කඳවුර මුල් වූ සන්ධානයට සිය සහය ලබා දෙන ලදී.

Rate this item
(1 Vote)