April 19, 2024

විපක්ෂයේ සංවිධායක ධූරය ගයන්තට දෙනවාට විපක්ෂයේ බහුතරයකගේ විරෝධය Featured

නවවැනි පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට ලබා දීමට සිදු වුයේ ඒ සඳහා මුලින්ම යෝජනා වුණු ගයන්ත කරුණාතිලක මහතාට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරයකගේ දැඩි විරෝධය එල්ල වීම නිසා බව වාර්තා වේ.

නව සැසියට පෙර දින සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කමිටුවක් විසින් ගයන්ත කරුණාතිලක මහතාව පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයට පත් කිරීමට තීරණය කොට තිබේ.

ඒ සම්බන්ධයෙන් එල්ල වූ විරෝධතා මත ඉකුත් විසිවැනිදා පැවැති නව සැසිය ආරම්භයේ දී විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කවුරුන්ද යන්න පිළිබඳව නව කතානායකවරයාට දැනුම් දීමට සමගි ජන බලවේගය අපොහොසත් විය.

මංගල සැසිය පැවැත්වීමෙන් පසුව එදින සවස ලක්ෂ්මන් කිරිඇල්ල මහතාව එම ධූරයට පත් කිරීමට සමගි ජන බලවේගයේ බහුතරය සිය කැමැත්ත ප්‍රකාශ කොට තිබේ.

කිරිඇල්ල මහතා යහපාලන රජයේ පාර්ලිමේන්තු සභානායකවරයා ලෙසත් කරුණාතිලක මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙසත් කටයුතු කර තිබේ.

Last modified on Sunday, 23 August 2020 18:53