March 29, 2024

කවුරුත් කලබල විය යුතු නැහැ - වාර්තාවෙන් ඇත්ත දැනගන්න පුළුවන් Featured

ඉකුත් 17 වන දින රට පුරාම සිදු වූ විදුලිය ඇන හිටීම සම්බන්ධයෙන් කිසිවෙකුත් පුර්ණ නිගමන වලට පැමිණිය යුතු නැති  බවත් ඒ පිළිබඳව කලබල විය යුතු නැති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමට නව විදුලිබල අමාත්‍යවරයා වන ඩලස් අලහප්පෙරුම මහතා කමිටුවක් පත් කර ඇති බැවින් එහි වාර්තාව ලබන සතියේ මුල ලැබුණු විට මේ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරැ රටට දැන ගැනීමට හැකිවනු ඇති බව ඔහු පෙන්වා දෙයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විවිධ මත පළ කරන ලංකා විදුලිබල මණ්ඩලයේ මහත්වරුන්ට ද එම කමිටුව හමුවට පැමිණ සිය අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබෙන බවද ඔහු සඳහන් කරයි.

මෙම විදුලිය බිඳ වැටීම මනුෂ්‍ය අත්වැරදීමකින් (Human error) සිදු වූ බවට දැනට කරුණු අනාවරණය වී ඇති බවද හේරත් මහතා පෙන්වා දෙයි.

Rate this item
(0 votes)