April 19, 2024

බිත්තර මිල සීඝ්‍රයෙන් ඉහළට

වෙළෙඳපොළේ බිත්තරයක සිල්ලර මිල ඊයේ (16) වන විට රුපියල් 22 ත් රුපියල් 24 ත් අතර මිලකට ඉහළ ගොස් තිබේ.

කොවිඩ් ව්‍යාප්තිය ආරම්භ වූ ඉකුත් මාර්තු මාසයේ මුල වන විට බිත්තරයක සිල්ලර මිල රුපියල් 18 ත් 20 ත් අතර මිලක පැවතුණි.

පසුව රජයේ මැදිහත්වීමෙන් බිත්තරයක සිල්ලර මිල රුපියල් 10 දක්වා අඩු කෙරුණු අතර අප්‍රේල් මාසයේ රුපියල් 15 ක්, මැයි මාසයේදී රුපියල් 17 ක්, ජුනි මාසයේ රුපියල් 18 ක්, ජුලි මාසයේ රුපියල් 20 දක්වාත් ඉහළ ගොස් ඇත.

ඇතැම් ප්‍රදේශවල බිත්තරයක මිල රුපියල් 25 දක්වා ඉහළ නංවා ඇති බවද වාර්තා වේ.

ලංකාවේ දෛනික බිත්තර පරිභෝජනය ලක්ෂ 85 ක් පමණ වන අතර මේ වනවිට එය සියයට 30 කින් පමණ පහළ බැස ඇත.

දේශීයව සත්ව ආහාරවල මිල ඉහළ යාම මෙලෙස බිත්තර මිල ඉහළ යාම කෙරෙහි බලපා තිබේ.

සත්ව ආහාර අමුද්‍රව්‍යවල මිල අඩු කිරීමට රජය මැදිහත් වන්නේ නම් බිත්තර මිල අඩු කළ හැකි වනු ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

Rate this item
(1 Vote)