April 20, 2024

ඇමතිකම්වල නම්වලට අද විහිළු කරනවා - මහින්දානන්ද

පත් කර ඇති ඇමති මණ්ඩලයේ විෂයයන් සමාජ මාධ්‍ය විසින් විහිළුවට ගෙන ඇති බවත් එය ඉතා කණගාටුදායක තත්ත්වයක් බවත් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

දේශීය ආර්ථිකය නගාසිටුවීම සඳහා මෙම ඇමැති මණ්ඩලය පත් කර ඇති බවත් එය විහිළුවට ගෙන ඇත්තේ විපක්‍ෂයට හිතවාදී පිරිස් විසින් බවත් ඔහු පැවසීය.

ඔවුන් සියලු දෙනා සිටින්නේ විදේශීය ගැති ආර්ථික ප්‍රතිපත්තියක බවත් එනිසා ඔවුන්ට මෙය තේරුම් ගැනීමට අපහසු බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ඔහු මේ බව කියා සිටියේ තම අමාත්‍යාංශයේ දී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Rate this item
(0 votes)