April 24, 2024

ජනපති පුද්ගලිකවම මැදිහත් වී සැදූ අමාත්‍ය විෂයන් විද්‍යානුකූලයි - අලි සබ්‍රි (VIDEO)

ජනාධිපතිවරයා පත් කර තිබෙන අමාත්‍ය ධුර විද්‍යාත්මක පදනමකින් කර තිබෙන බව නව අධිකරණ අමාත්‍යවරයා වන ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රි මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරුන් පත් කිරීමට දින තුනකට පෙර ගැසට් පත්‍රිකාවක් මඟින් අදාළ අමාත්‍යවරුන්ට හිමිවන අදාළ විෂය පථයන් ප්‍රකාශයට පත් කළේ ඉතිහාසයේ පළමු වතාවට බව ඔහු පෙන්වා දෙයි.

මිට පෙර තිබුණු ක්‍රමය වුයේ අමාත්‍යවරුන් පත් කොට ඉන්පසු ඔවුන්ගේ විෂය බෙදා වෙන් කිරීම බවද පෙන්වා දෙන සබ්‍රි මහතා මෙම අමාත්‍යංශ විෂයන් ජනාධිපතිවරයා පුද්ගලිකවම මැදිහත් වී හැදු ඒවා බව ද පෙන්වා දෙයි.

තමා මෙම අමාත්‍ය ධූරය භාර ගත්තේ ජාතින් අතර බෙදීමක් ඇති කිරීමට නොව සියලු ජාතින් එකතු කිරීමට බවද සබ්‍රි මහතා සඳහන් කරයි.

සබ්‍රි මහතා අධිකරණ අමාත්‍ය ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් සමාජය තුල විවිධ මත පල වෙමින් තිබේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 14 August 2020 14:54