April 25, 2024

ඊලඟ දශකය කුසලතා වර්ධනය කරන දශකයක් - සීතා අරඹේපොල

ඊලඟ දශකය කුසලතා වර්ධනය කරන දශකයක් ලෙස ජනාධිපතිතුමා නම් කර තිබෙන බවත් එය යථාර්ථයක් බවට පත් කිරීමට සිය අමාත්‍යාංශයේ සියලුම ආයතන කළමණාකරණය කරමින් කුසලතා සපිරි තරුණ ප්‍රජාව ඉදිරියට ගෙන යන බවත් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහතා පවසයි. 

රාජ්‍ය අමාත්‍යවරිය අද (14) අමාත්‍ය කාර්යාලයේදී රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් මේබව ප්‍රකාශ කළාය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය,

''මේ රටේ සුවහසක් ජනතාවගේ බලාපොරොත්තුව වන සෞභාග්‍යමත් දේශයක්, ඵලදායී දේශයක්, ඵලදායී පුරවැසියන්, සතුටින් ජීවත්වන පවුලක්, නිවැරැදි සමාජයක් නිර්මාණයවීමේ මූලික අඩිතාලමක් වෙන්නෙ අධ්‍යාපනය. අධ්‍යාපනය තුළින් නිපුණතා සංවර්ධනය හා වෘත්තීය පුහුණුවකට තරුණ සමාජය යොමු කිරීම තුළින් ඊලඟ දශකයේ නිපුණතාවය සපිරි සමාජයක් ගොඩනගන්න වෘත්තීය පුහුණුව ලබා දෙමින් මේ රටේ කුසලතාවයන් වැඩි වර්ධනය කරමින් රැකියාවලට යොමු කිරීම මේ රජයේ බලාපොරොත්තුවයි.

ඊලඟ දශකය කුසලතා වර්ධනය කරන දශකයක් ලෙස ජනාධිපතිතුමා නම් කරලා තියනවා. එය යථාර්ථයක් බවට පත් කරන්නට මේ අමාත්‍යාංශයේ සියලුම ආයතන කළමණාකරණය කරමින් කුසලතා සපිරි තරුණ ප්‍රජාව ඉදිරියට ගෙන යනවා. ඔවුන්ට මේ රට ගොඩනගන්නට පසුබිම සකස් කරගෙන ඔවුන්ගේ ජීවිත සෞභාග්‍යයෙන් පිරුණු ජීවිත බවට පත් කරන්නට මා හිතනවා මාගේ මේ රාජ්‍ය අමාත්‍යාංශය තුළින් බොහෝ කටයුතු කරන්නට පුළුවන්. ඒ සඳහා නීතිමය පසුබිමත් සකස් කරලා තියනවා.'' යි පැවසුවාය.

''මේ රටේ දරුවන්ගේ ජීවිත සෞභාග්‍යමත් කරන්නට වෘත්තීමය වශයෙන් අභිමානයක් ඇතුව නැගී සිටින්නට අවශ්‍ය සියලුම පසුබිම සකස් කරන්නට කළ හැකි සියලුම දේ මේ අමාත්‍යාංශය තුළින් කිරීමට මා බලාපොරොත්තු වෙනවා.'' යන්න ද අවධාරණය කළාය.

Rate this item
(0 votes)