September 21, 2020

මම බලාපොරොත්තු වුණේ මහා මාර්ගේ - දැන් කමක් නැහැ - දුන්න එක කරනවා

මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමතිවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා එම අමාත්‍යංශයේ දී අද දිනයේ වැඩ භාර ගත්තේය.

එහිදී මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ තමන් බලාපොරොත්තු වූයේ මහමාර්ග රාජ්‍ය අමාත්‍ය ධූරය බවයි.

නමුත් එය ගැටලුවක් කර නොගෙන තමන් ට ලැබුණු වගකීම නිසි ලෙස ඉටු කරන බව ද ඔහු සඳහන් කළේය.

ඒ මහතා රාජ්‍ය ඇමතිවරයෙක් ලෙස දිවුරුම්දුන් අවස්ථාවෙන් පසු ජනාධිපතිවරයා සමඟ සමූහ ඡායාරූපයකට පෙනී නොසිට පිටත් ව ගොස් තිබිණ.

Rate this item
(0 votes)

Live