April 19, 2024

ජාතික ලැයිස්තුව අපි යවන්න ඕනේ නැහැ - කොමිසමට පුළුවන් ඒක පුරවගන්න

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ගැන කිසිවෙකුත් කලබල විය යුතු නැති බව හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත රංගේ බණ්ඩාර මහතා අවධාරණය කරයි.

පක්ෂය ඒ සඳහා අදාළ දිනට පෙර කිසිවෙකුත් නම් කර නොතිබුණහොත් මැතිවරණ නීතියට අනුව එම පුරප්පාඩුව පිරවීමේ බලය මැතිවරණ කොමිසමට හිමි වන බවද ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව එජාප ජාතික ලයිස්තුවේ ප්‍රථමයෙන් ම සිටින අපේක්ෂකයා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස පත් කිරීමට මැතිවරණ කොමිසමට බලය තිබෙන බවද ඔහු පෙන්වා දෙයි.

එජාප ජාතික ලැයිස්තුවේ ප්‍රථමයෙන්ම තිබෙන්නේ හිටපු අමාත්‍යවරයෙකු වූ ජෝන් අමරතුංග මහතාගේ නමය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 13 August 2020 21:05