April 24, 2024

රනිල් නායකත්වයෙන් ඉවත් වන බව මට නම් කිව්වේ නැහැ

රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් ඉවත් වන බව තමාට කිසි විටෙකත් ප්‍රකාශ කොට නැති බව හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත රංගේ බණ්ඩාර මහතා අවධාරණය කරයි.

පක්ෂයේ කිහිපදෙනකුට නායකයා වීමේ කැමැත්තක් තිබෙන බව ප්‍රකාශ කළද ඊට එහා කිසිවක් සිදු නොවුන බවද ඔහු සඳහන් කරයි.

එජාප නායකත්ව සටනට ප්‍රථමයෙන් 4 දෙනෙකු ඉදිරිපත් වූ අතර දැන් මේ 8 දක්වා වැඩි වී තිබෙන අතර හිටපු කතානායකවරයා වූ කරු ජයසුරිය මහතා ද මෙම නායකත්ව පටලැවිල්ලට වික්‍රමසිංහ මහතා විසින් පටලවාගෙන තිබේ.

එජාපයෙන් කැඩී ගිය සමඟි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටින්නේ තමාගේ දීර්ඝ කාලින අත්දැකීමට අනුව වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් ඉවත් නොවන බවය.   

Rate this item
(0 votes)
Last modified on Thursday, 13 August 2020 21:06