April 16, 2024

"මහින්දට බැහැ" කියා පොතක් ලියූ එස්.බීට ඇමතිකමුත් නැහැ Featured

2015 ජනවාරි 08 ජනාධිපතිවරනයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමෙන් පසු මහින්දට බැහැ නමින් මහ මැතිවරණයට පෙර පොතක් එළිදැක්වූ එස්.බී.දිසානායක මහතාට අද මුහුණ දීමට සිදුව තිබෙන්නේ ඛේදනීය තත්වයකි.

2015 මහ මැතිවරණයට ඉදිරිපත් වී පරාජය වූ එස්.බි.දිසානායක මහතාව එවකට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කොට යහපාලන ජාතික ආණ්ඩුවේ කැබිනට් අමත්‍ය ධුරය ද ලබා දෙන ලදී.

2018 අප්‍රේල් මස එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කල විශ්වාසභංගය පරාජයෙන් පසු එස්.බි.දිසානායක මහතා ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩයමක් පොදුජන පෙරමුණට එක් විය.

පසුගිය මහ මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තුන්වන ස්ථානයට පත් වුණේ එස්.බි.දිසානායක මහතා පාර්ලිමේන්තුවට තේරී පත් විය.

එහෙත් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු කැබිනට් හා රාජ්‍ය අමාත්‍ය ධුර ලබා දීමේදී එස්.බි.දිසානායක මහතාට කිසිදු ධූරයක් හිමි නොවූ අතර ඔහුට හිමි වුයේ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති ධුරය පමණි. 

Rate this item
(0 votes)