March 28, 2024

ජනපති ආරක්ෂක අමාත්‍යංශය තබා ගැනීම වැරදියි

කැබිනට් මණ්ඩලය නම් කරද්දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ 19 ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට අමාත්‍යධුර තබා ගැනීමට නොහැකි බවයි.

එවන් තත්ත්වයකදී ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යාංශයට තමා යටතට පවරා ගෙන ඇත්තේ නීති විරෝධී ආකාරයෙන් එය ද ඔහු කියා සිටියේය.

එනිසා මේ වරද නිවැරදි කරන්න තමන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Rate this item
(1 Vote)