April 20, 2024

යහපාලන ජාතික ආණ්ඩුවේ ඇමති ධූර දැරූ ශ්‍රීලනිපයේ පිරිසකට මන්ත්‍රී ධුර පමණයි

යහපාලන ජාතික ආණ්ඩුවේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍ය ධුර දරා 2018 අප්‍රේල් 04 වැනි දින එවකට අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගය පරාජය වීමෙන් පසු අමාත්‍ය ධුර වලින් ඉල්ලා අස් වී පොදුජන පෙරමුණට එක්වූ 15 දෙනාගේ කණ්ඩායමේ ජේෂ්ඨයන් බහුතරයකට මෙවර අමාත්‍ය ධුරයක් හෝ රාජ්‍ය අමාත්‍ය ධුරයක් හිමි වී නොමැත.

යහපාලන ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධුර දැරූ ජෝන් සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, රන්ජිත් සියඹලාපිටිය, චන්දිම වීරක්කොඩි, එස්.බි.දිසානායක යන මහත්වරුන්ට මෙන්ම රාජ්‍ය අමාත්‍ය ධුරයක් දැරූ ඩිලාන් පෙරේරා මහතාට ද මෙවර කිසිදු තනතුරක් හිමි නොවීම විශේෂත්වයකි.

යහපාලන ජාතික ආණ්ඩුවේ සිට පසුව ඉවත් වී දිගටම ශ්‍රීලනිපය නියෝජනය කළ ජනාධිපතිවරණයෙන් පසු පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත් යහපාලන ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධූරයක් දැරූ මහින්ද සමරසිංහ මහතාට ද කිසිදු තනතුරක් හිමි වී නොමැත.

1989 මුල් වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ එස්.බි.දිසානායක මහතා ව නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධූරය පත් කර තිබේ.  

Rate this item
(0 votes)
Last modified on Wednesday, 12 August 2020 22:02