April 20, 2024

මෙවර මැතිවරණයේ තුන්වෙනි තැන ප්‍රතික්ෂේපිත ජන්ද වලට

අගෝස්තු 05 වන දින පැවති මහ මැතිවරණයේදී තුන්වන ස්ථානයට වැඩිම ජන්ද ප්‍රමාණයක් හිමි වී තිබෙන්නේ ප්‍රතික්ෂේපිත ජන්ද කාණ්ඩයට වීම කැපී පෙනෙන්නකි.

එම මැතිවරණයේදී 12343302 ජන්ද ප්‍රකාශ වූ අතර ඉන් වලංගු ජන්ද ලෙස පිලිගැනුනේ 11598929කි.

ඒ අනුව ජන්ද 744373ක් අවලංගු වී තිබේ. එය ප්‍රතිශතයක් ලෙස 6.03%කි.

ප්‍රතික්ෂේපිත ජන්ද වලට පසුව වැඩිම ජන්ද ප්‍රමාණයක් හිමි කරගෙන තිබෙන්නේ ජාතික ජන බලවේගය වන අතර ඊට 445958ක් ජන්ද ලැබී තිබේ. එනම් 3.84%කි. 

2019 නොවැම්බර් 16 ජනාධිපතිවරනයේදී ප්‍රතිෂේප වූ ජන්ද ප්‍රමාණය 135452කි. එනම් 1.01%කි. ඒ අනුව පසුගිය ජනාධිපතිවරණයට වඩා මෙවර මහ මැතිවරණයේදී 608921ක් ප්‍රතික්ෂේප වී තිබේ.

Rate this item
(0 votes)