April 25, 2024

ජාතික ලයිස්තු ගැසට් කරයි - නාම ලේඛණය මෙන්න

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් හිමි වූ ජාතික ලැයිස්තු සඳහා තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් මැතිවරණ කොමිසන් සභාව විසින් ගැසට් කර තිබේ.

පක්‍ෂ තුනකට අයත් මන්ත්‍රීවරුන්ගේ නම් මෙසේ කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුන, ඉලංගෙයි තමිල් අරුසු පක්ෂය, අහිල ඉලංගෙයි තමිල් අරුසු කොංග්‍රස යන පක්ෂවලින් මෙවර ජාතික ලැයිස්තුව සදහා පත් කර ඇති මන්ත්‍රීවරුන් දහනව දෙනෙකු මෙසේ ගැසට් කර තිබේ.

එම නාම ලේඛනය මෙසේ ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුන

  1. මහාචාර්ය ජී. එල්. පීරිස්
  2. නීතිඥ සාගර කාරියවසම්
  3. අජිත් නිවාඩ් කබ්රාල්
  4. මොහොමඩ් අලි සබ්රී
  5. ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ
  6. මංජුලා දිසානායක
  7. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර
  8. මහාචාර්ය චරිත හේරත්
  9. ගෙවිදු කුමාරතුංග
  10. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් මුසාම්මිල්
  11. මහාචාර්ය තිස්ස විතාරණ
  12. යදාමිණි ගුණවර්ධන
  13. ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන්
  14. ටිරාන් අලස්
  15. විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොල
  16. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ
  17. මොහොමඩ් ෆලීල් මර්ජාන්

ඉලංගෙයි තමිල් අරුසු කච්චි

  1. තවරාජ කලෙයි අරසන්

අහිල ඉලංගෙයි තමිල් අරුසු කොංග්‍රස

  1. සෙල්වරාජ ගජෙන්තිරන්

 

Rate this item
(0 votes)