March 29, 2024

UNPය සජිත් දෙසට හැරෙයි - කැමති නම් සාකච්ජා කරමු Featured

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ කණ්ඩායමත් සාකච්ඡා කිරීමට එකඟ නම් එක්සත් ජාතික පක්ෂය වශයෙන් යළි එකතු වීම පිළිබඳ සාකච්ඡා කළ හැකි බවත් එහි කිසිදු ගැටළුවක් නොමැති බවත් රුවන් විජේවර්ධන මහතා පවසයි. 

"ඉදිරියට ඒ කට්ටියත් එක්කත් සාකච්ඡා කරලා බලමු. ඒගොල්ලොන්ගෙත් අවශ්‍යතාවයක් තියෙනවා නම් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙනවාද කියන එක, එව්වත් බලමු. කොහොමත් දැනට අපට එහෙම කතා කරලාත් නෑ, අපි කතා කරන්න ගිහිල්ලාත් නෑ. නමුත් ඉදිරියේදී රට වෙනුවෙන් එවැනි යම්කිසි සාකච්ඡාවක් අවශ්‍ය වෙනවා නම් අපි සාකච්ඡා කරන්න ඉදිරිපත් වෙන්නම්. කිසි ප්‍රශ්නයක් නෑ ඒ ගැන" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය. 

පක්ෂ නායකත්වය ලැබුණහොත් බාරගන්නේද යන්න පිළිබඳ මාධ්‍යවේදියකු කළ විමසීමකදී රුවන් විජේවර්ධන මහතා පැවසුවේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙන්ම සියලුම පක්ෂ සාමාජිකයින්ගේ ද එකඟතාව ඇතිව තමන්ට පක්ෂ නායකත්වය ලැබෙන්නේ නම් එය බාරගෙන පක්ෂය යළි ගොඩනැඟීමට ක්‍රියා කරන බවයි. 

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 11 August 2020 09:05